මානව හිමිකම් සහ ලංකාවේ ඉදිරි අභියෝග

ප්‍රභාකරන්ගේ පුතුගේ මරණයට පෙර ජායාරුප පළවීමත් සමග බොහෝ දෙනා අපව සම්බන්ධකොට එම ජායාරුප පිලිබඳ විමසීම් කළේය. අප වෙබ් අඩවියෙන් ඉවත් කලත් අන්තර්ජාතික වෙබ් අඩවි හරහා මෙම ජායාරුප පෙළ පල කලේ මෙයට පෙරය.

කොටින්ම ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව සිය සටන පටන් ගත්තේ ගිය වසරේ මානව හිමිකම් සමුළුව අවසානයේදීය. එතැන් පටන් දීර්ඝ කාලයක් ඔවුන් ලංකාවට විරුද්ධව සැකසු දත්ත ඔවුන් ඉදිරියේදී එලි දැක්වීමට නියමිතයි.


ශ්‍රී ලංකා හමුදාවට චෝදනා කොට ඔවුන් ච්නවතම චිත්‍රපටයක් මේවනවිට තනා තිබේ. එම චිත්‍රපටය යුධ හමුදාවට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික වැසියන්ටද එරෙහිව සකස් කල එකකි. ඒ ඔවුන් අපගේ දිනා දුන් නිදහසට අභියෝග කරන නිසාවෙනි.

එහෙත් රජයක් ලෙස එම අභියෝගයට සාර්ථකව මුහුණදීමට කිසිදු සුදානමක් වත්මන් රජයට නොමැත. ඉදිරියේ එල්ලවිය හැකි චෝදනා හා එයට දිය යුතු පිළිතුරු වලට සුදානමක් ඔවුන් සතුව නොමැත. ඔවුන් සෑමවිටම කලේ ගැටළුවක් පැමිණි පසු එයට පැලැස්තර යෙදීමයි.

නමුත් අප මෙහිදී මතක් කරනුයේ මෙම එල්ලවෙමින් පවතින චෝදනා මුල් අදියරේදීම නිෂ්ප්‍රභ කල යුතු බවයි. එමෙන්ම ඉදිරියේ ඔවුන් ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙනයන සටනට එරෙහිව ශක්තිමත් සටනක් රජය විසින් ගෙන යා යුත්තේය.

එයට පක්ෂ පාට බේදයකින් තොරව අප සියලු දෙනාම සහභාගී විය යුත්තේ අවරුදු තිහක කුරිරි යුද්ධයේ සාපකාරි මතකයන් නිසාවෙනි. එහෙයින් මේ අවස්ථාවේදී රටක් ලෙස අප එකතුවී ඉදිරියේ අපට පැමිණෙන තර්ජන වලට මුහුණ දීම විනා ඒවා කෙරෙන් පලා යාමෙන් සෙතක් සිදු නොවේ.

යුධ සමයේ කුරිරු මතකයන් පෙළක් මෙතනින් බලන්න.

Related Posts Plugin for WordPress, Blogger...